නෙවාසික භාවනා වැඩසටහන
Schedule
Fri, 09 Jan, 2026 at 05:00 am to Sun, 11 Jan, 2026 at 02:00 pm
UTC+05:30Location
Sri Abhayarama Purana Tampita Viharaya, Doratiyawa, Sri Lanka | Colombo, CE
Advertisement
සිතට සැනසිල්ලක් සොයා... සුවදායක ආධ්‍යාත්මික ගමනකට පියනගමු!
වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළින් පැන නඟින මානසික පීඩා, ආතතිය දුරු කරගෙන, සැබෑ ආධ්‍යාත්මික සුවයක් ලබා ගැනීමට ඔබටත් මහඟු අවස්ථාවක්!
සියලු මූලික අවශ්‍යතා සහිතව දින තුනක නේවාසික භාවනා වැඩසටහන් පෙළක් සඳහා දැන් අපි ඔබට ආරාධනා කර සිටිමු.
දශකයකට අදික කාලයක් පුරා ගුරු ඇසුර සහිතව සාර්ථකව පවත්වා ඇති, විශාල පිරිසකගේ මානසික සුවපත් බවට හේතු වූ සමථ විදර්ශනා භාවනා වැඩසටහන් පවත්වන්නේ කුරුණෑගල, කෝන්පොල ශ්‍රී අභයාරාම පුරාණ ටැම්පිට විහාරස්ථානයේ සුන්දර, විවේකී පරිසරය තුලයි.
වැඩසටහනට සම්බන්ධ වන්නේ කෙසේද?
මෙම භාවනා වැඩසටහනට සහභාගී වීමට ප්‍රථම, භාවනාව පිළිබඳ මූලික දැනුම ලබා දීම සඳහා Zoom ඔස්සේ විශේෂ ධර්ම දේශනා කිහිපයක් සංවිධානය කර ඇත. එමගින් ඔබට භාවනාවේ වැදගත්කම, මූලික පිළිවෙත්, සහ නේවාසික වැඩසටහනට අදාළව දැනුවත් විය හැක. නේවාසික වැඩසටහනට සහභාගි නොවුනද ධර්ම දේශනාවන් සදහා ඔබට zoom තාක්ෂණය ඔස්සේ ඉරිදා සවස 7:00ට සම්භන්ද විය හැක.
මුලින්ම, අපගේ නිල WhatsApp සමූහයට සම්බන්ධ වන්න. මෙම සමූහය හරහා Zoom ධර්ම දේශනා සඳහා සහභාගී වීමට අවශ්‍ය විස්තර, දින වකවානු, සහ නේවාසික භාවනා වැඩසටහනට අදාළ සියලු තොරතුරු ඔබට ලබා දෙනු ඇත.
ඔබේ ආධ්‍යාත්මික ගමන අරඹන්නට, දැන්ම අපගේ WhatsApp සමූහයට එක්වන්න!
👇👇👇
https://chat.whatsapp.com/C6DamdfYBqxCixz0UL7hn9
ඔබත් නිස්කලංක මනසක් පතන, සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට කැමති සත්පුරුෂයෙක් නම්, මෙය ඔබට ලද මහඟු අවස්ථාවකි.
දේශකයානෝ:- පුස්සැල්ලේ අරියධම්ම හිමි.
ලිපිනය :- ශ්‍රි අභයාරාම පුරාණ ටැම්පිට විහාරය, කෝන්පොල, දොරටියවෙ, කුරුණෑගල.
දුරකථන :- 0740 101014
Location :- https://maps.app.goo.gl/GNU9eh4zmJ55jSR89?g_st=ic
තෙරුවන් සරණයි!
Advertisement
Where is it happening?
Sri Abhayarama Purana Tampita Viharaya, Doratiyawa, Sri Lanka, Sri Abhayaramaya Purana Viharaya Narahenpita, Thimbirigasyaya Road, 05 Colombo, Sri Lanka, ColomboEvent Location & Nearby Stays:
Know what’s Happening Next — before everyone else does.


![Jewels - International Gem & Jewellery Trade Exhibition & Competition [ Sri Lanka ]](https://cdn-ip.allevents.in/s/rs:fill:500:250/g:sm/sh:100/aHR0cHM6Ly9jZG4tYXouYWxsZXZlbnRzLmluL2V2ZW50czIvYmFubmVycy8xMDljZjZjNGYwYWE1ZWE3MGE3NTdmZWQ0NjY0NGM5ZDExYjM5YzM1NDllZjEwYjM3ZDk3NGIxZTc1ZjAxOTQ4LXJpbWctdzEyMDAtaDYyOC1kYzhmYTZhYi1nbWlyP3Y9MTc2NTA4NDEzMg.avif)





